Pages

Wednesday, June 19, 2013

Router එකක basic configurations packet tracer භාවිතයෙන් සිදු කරමු. (part 2)

packet tracer මෘදුකාංගය පරිගණක ජාල කරණය ආදර්ශනයට භාවිතා කරන අයුරු අපි පසුගිය ලිපියක සලකා බැලුවා. අපි අද බලමු කොහොමද router එකක මුලික සැකසුම් සකසන්නේ කෙසේද කියා.
Host Name එක සැකසීම

පරිගණක ජාලයක් තුල ඇති router එකිනෙක වෙන් කර හඳුනා ගැනීම සදහා host name එක උපකාරී වේ. router එකකට console එක හරහා log වී ඇතිවිට CLI prompt එකට පෙර මෙලෙස router එකට ලබා දී ඇති host name එක පෙන්වන අතර එලෙස host name එකක් ලබා දී නැත්නම් router ලෙස CLI prompt එකට ඉදිරියෙන් පෙන්වයි. router එකක host name එක සැකසීම සඳහා ඔබ පළමුව global configuration mode එකට පිවිසිය යුතුය. දැන් පහත command එක type කර enter කරන්න.

router (config)# hostname <name>


මෙහිදී name යන ස්ථානයට ඔබ කැමති නමක් ලබා දිය හැක. හැකි සැම විටකට ඒ සඳහා තේරුමක් ඇති නමක් යෙදීම ඔබ වැඩකරන්නේ කුමන router එකකද යනවග හඳුනා ගැනීමට එය උපකාරී වේ. මෙම host name එකට පරිගණක ජාලයේ ක්‍රියාකාරිත්වයට කිසිදු බලපෑමක් සිදු නොකරයි. පහත උදාහරණයේ hostname එක ලෙස Test_Router ලෙස යොදා ඇති අතර එම command එක execute කිරීමෙන් අනතුරුව prompt එකට ඉදිරියෙන් ඇති නම වෙනස් වන අයුරු නිරීක්ෂණය කරන්න.


Router එකක් සඳහා පාස්වර්ඩ් යෙදීම.

router එකක් යනු පරිගණක ජාලයක ඇති වැදගත්ම හා වැඩිපුරම ආරක්ෂා කලයුතු උපාංගයකි.  එබැවින් අනවශ්‍ය පුද්ගලයන් router එක වෙත log වීම වැළක්විය යුතුය. ( denied unauthorized access ) මේ සදහා router එකට පාස්වර්ඩ් යෙදීම සිදුකල හැක. router එකක් configure කිරීම සදහා router එකකට log විය හැකි ආකාර කිහිපයක් පවතී. ඉන් එක් ක්‍රමයක් වන්නේ router එකට console cable එකක් සම්බන්ධ කර එය හරහා router එක access කිරීමයි. තවත් ක්‍රමයක් වන්නේ SSH හෝ Telnet protocol එකක් භාවිතයෙන් network එක හරහා router එකට log වීමයි. ( මේ පිලිබදව වැඩි විස්තර ඉදිරි ලිපිවලින් බලාපොරොත්තු වන්න.)
console එක තුලින් router එකට log වීම  password protect කරන අයුරු.

මේ සදහා පළමුව router එකෙහි global configuration mode එකට පිවිසෙන්න. අනතුරුව පහත ආකාරයට command type කර enter කරන්න.

router(config)#line console 0

දැන් router එක sub interface configuration mode එකට මාරු වේ. ( CLI prompt එක router(config)# සිට router(config-if)# දක්වා වෙනස්වන අයුරු නිරීක්ෂණය කරන්න.)

router(config-line)#password <enter your password>
router(config-line)#login
router(config-line)#exit
router(config)#service password-encryption

මෙහි enter your password යන්න වෙනුවට ඔබ කැමති password එකක් යොදා ගන්න. ඔබ යොදන paasword එක plain text ආකාරයෙන් router එකෙහි save වන අතර එය router එකෙහි show commands භාවිතා කර බලාගත හැකි වේ. මෙය වැලැක්වීම සඳහා service password encryption යන command එක යොදා ගනි. ( show commands පිළිබඳව වැඩි විස්තර ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න. ) 


router එකෙහි service password encryption command එක execute කර නොමැතිවිට password එක පෙන්වන අයුරු.

 router එකෙහි service password encryption command එක execute කලවිට password එක පෙන්වන අයුරු.


privilege mode එක සඳහා password එකක් යෙදීම.

මේ සඳහා global configuration mode එකෙහි පහත සඳහන් command execute කරන්න.

router(config)#enable password <your password>

මෙහිදී ද පාස්වර්ඩ් එක plain text ආකාරයෙන් save වන අතර එම paasword එක පහත command එකෙන් ඇතුලත් කල විට encrypt වේ.

router(config)#enable secret <your password>

router configurations save කිරීම.

router එකක් configure කිරීම සඳහා global configuration mode එකේදී  execute කරන command save වී ඇත්තේ router එකෙහි voalatile memory එක වන running-configuration එක තුලය. router එක restart කලවිට හෝ ක්‍රියාවිරහිත කලවිට එම තාවකාලික මතකය තුල ඇති සියලු configuration මැකී යයි. එබැවින් ඒවා router එකෙහි non volatile memory එක වන startup-configuration එක වෙත copy කල යුතු වේ. මේ සඳහා privilege mode එකෙහි පහත සඳහන් command එක execute කරන්න.

router# copy running-config startup-config

එවිට එම configurations save කල යුතු file එකේ නම විමසන අතර කිසිවක් type නොකර enter කිරීමෙන් දැනට ඇති configuration file එක මතම save වීම සිදුවේ.


Monday, May 27, 2013

Umbraco මුල සිට සරල සිංහලෙන්

Umbraco CMS යනු දැනට භාවිතයේ පවතින වඩාත්ම ජනප්‍රිය asp.net මත පාදක වූ open source වර්ගයේ CMS(Content Management System) එකයි.ඔබ මෙවනවිටත් Joomla,Wordpress CMS පිළිබඳව අසා ඇත්නම් මෙයද එවන් වූ CMS එකකි.

මෙහිදී මෙම CMS එක භාවිත කිරීමට නම් ඔබගේ පරිගණකයේ පහත සඳහන් මෘදුකාංග ස්ථාපිත කර තිබිය යුතු වේ.
1.Microsoft SQL server 2005 and Management Studio (or higher)
2.Web Matrix 2.0 or higher
3.Visual Studio 2010(Recommended) for higher
4.Firefox or web browser with debugging tools(ex- Firebug)
5.Photoshop and other apllication for designing purpose

මෙහිදී මුල් අදියරේදී  Microsoft Web Platform Installer ඇසුරෙන්  web Matrix 2.0 පරිගණකයේ ස්ථාපිත කරන අයුරු විස්තර කරන අතර අනෙකුත් මෘදුකාංග තම පරිගණකයේ ස්ථාපිත කිරීම ඔබ සතු වේ.

මෙම ලිපිමලාවේදි මුලසිට සරලව Umbraco CMS පිළිබඳව  පාඨකයන් පහත සඳහන් අයුරින්  දැනුවත් කිරීමට අදහස් කෙරේ.

1. Microsoft Web Platform Installer සහ web Matrix 3.0 පරිගණකයේ ස්ථාපිත කරමු.
2. Umbraco සරල හැඳින්වීමක්
3. ඔබගේ වෙබ් අඩවියට වෙබ් පිටු (Pages) සහ  අන්තර්ගතයන් (contents) එකතු කරමු.

මෙම ලිපි මාලාවේ පළමු ලිපිය වන මෙහිදී අප පරිගණකයේ  Microsoft Web Platform Installer ඇසුරෙන්  web Matrix 3.0 පරිගණකයේ ස්ථාපිත කරන ආකාරය ඉදිරිපත් කෙරේ.

Microsoft Web Platform Installer පරිගණකයේ ස්ථාපිත කරන අයුරු

මේ සඳහා ඔබ මුලින්ම Microsoft web අඩවිය වෙත පිවිස Microsoft Web Platform Installer භාගත කල යුතුය.

රුපය 1

ඉන් අනතුරුව Web Platform Installer පරිගණකයේ සාමාන්‍ය පරිදි ස්ථාපිත කල විට පහත අයුරින් එම වැඩසටහන ක්‍රියාත්මක වේ.

රුපය 2

එහි ඉහල වම කෙලවරේ ඇති Search Box මත webmatrix ලෙස type කරන්න එවිට ඉහත රුපයේ (රුපය 2) පරිදි   Microsoft Webmatrix 3.0 ලෙස search result එකක් ලැබේ. එය ඉදිරි පස ඇති Add Button මත Click කොට පහලින් ඇති Install Button එක click කරන්න.(මේ සඳහා අන්තර්ජාල පහසුකම අනිවාර්යයෙන්ම තිබිය යුතු වේ.)
එවිට Webmatrix 3.0 මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත වේ. ස්ථාපිත කල පසු පහත අයුරින් webmatrix මෘදුකාංගය ක්‍රියාත්මක වේ.

රුපය 3

ඉදිරි ලිපියේදී Umbraco CMS එක  Webmatrix තුල install කරන ආකාරය ඉදිරිපත් කෙරේ. ඒ සඳහා අවශ්‍යවන Microsoft SQL server 2005 and Management Studio (or higher), Visual Studio 2010(Recommended) පරිගණකයේ ස්ථාපිත කරගැනීම ඔබ සතු වේ.
ඔබට කිසියම් ගැටළුවක් ඇති වුයේ නම් එය අපට ඉදිරිපත් කරන්න.

Wednesday, May 22, 2013

Router එකක basic configurations packet tracer භාවිතයෙන් සිදු කරමු. (part 1)

පළමුව packet tracer workspace එකට router එකක් ඇතුලත් කරගන්න. මේ සදහා 1841 වර්ගයේ router එකක් මෙහිදී එකතු කර ඇත. දැන් අපි බලමු කොහොමද router එකේ  command line එක හරහා router එකේ මුලික සැකසීම් සිදු කරගන්නේ කියලා.

router එක මත double click කිරීමෙන් පසු ලැබෙන window එකේ CLI tab එක click කිරීමෙන් ඔබට CLI mode එක ලබා ගත හැක. නමුත් ඇත්ත router එකක් configure කිරීමට නම් එය console port එක හරහා පරිගණකයට සම්බන්ධ කර terminal software එකක් මගින් router එක තුලට පිවිසිය යුතු වේ. නමුත් ඔබට අවශ්‍ය නම් packet tracer software එක තුලින්ද එය සිදු කරගත හැක. ඒ සදහා PC එකක් packet tracer working area එකට ඇතුලත් කර cable තුලින් console cable එක select කර එය නිසි පරිදි router එකට සම්බන්ද කර PC එකෙහි desktop tab එක තුල ඇති terminal software එක මගින් router එකට ඇතුල් විය හැක.

router එකක් පළමුවෙන්ම ඔබගේ නෙට්වර්ක් එකට එක් කල විට එහි පෙර සැකසුම් කිසිවක් අඩංගු නොවේ. ආරම්භයේදී router එකෙහි සැකසුම් කිසිවක් අඩංගු නොවන බැවින් පහත පරිදි දිස්වන අතර configuration Dialog එක හරහා ඔබට ඔබගේ router එකෙහි සැකසුම් කලයුතු දැයි විමසා සිටී. මෙහිදී සාමාන්‍ය සැකසුම් සදහා පමණක් ඔබෙන් විමසන අතර No යනුවෙන් type කර enter කිරීමෙන් ඔබට අවශ්‍ය පරිදි ඔබගේ router එක configure කරගත හැක.




පළමුව router එකෙහි එකිනෙකට වෙනස් modes හදුනා ගනිමු. router එකක පළමුව ලැබෙන්නේ User Exec mode එක වන අතර එහිදී router එකෙහි සැකසුම් බලා ගැනීමට උපකාරී වන show commands පමණක් ඔබට ක්‍රියාත්මක කල හැක. පහත රූපයේ එලෙස ඔබට ඇතුලත් කල හැකි commands දක්වා ඇත. මෙහිදී ඔබ මතක තබා ගතයුතු කරුණු කිහිපයක් ඇත. ඔබ යම්කිසි කොටස් කිහිපයකින් සමන්විත command එකක  පළමු කොටස පමණක් දන්නේ නම් එම කොටස type කර " ? " සලකුණ සදහන් කර enter කිරීමෙන් ඔබ විසින් සම්පුර්ණ කලයුතු command එක ඔබට පෙන්නුම් කරයි. තවද command type කිරීමට ගතවන කාලය අඩුකර ගැනීම සඳහා command එකක පලවෙනි අකුරු කිහිපය type කල පසු tab key එක press කිරීමෙන් එම command එක Cisco IOS command line එක විසින් ඉබේම සම්පුර්ණ කරනු ලබයි.

user exec mode එකෙහි සිට අපි මීලගට පිවිසිය යුත්තේ privilege mode එකටයි. ඒ සඳහා Enable ලෙස type කර enter කරන්න. මෙම mode එකේ සිටද router එක configure කිරීමට ඔබට නොහැක. එඅ සඳහා configure terminal යනුවෙන් privilege mode එකෙහි සඳහන් කර enter කරන්න. නැතහොත් එහි aggregation command එක වන config t යනුවෙන් සඳහන් කර enter කරන්න. මේ එක් එක් mode එකෙහිදී router CLI එකෙහි prompt එක "router>" සිට "router# " දක්වාත් පසුව " router(config)# " දක්වාත් වෙනස් වන අයුරු නිරීක්ෂණය කරන්න. ඔබ සිටින්නේ කුමන mode එකකද යන්න හඳුනා ගැනීමට මෙම prompt එක ඔබට උපකාරී වේ.


Sunday, May 19, 2013

Microsoft Visual Studio මගින් සරල Window එකක් හදමු

මේ සඳහා Microsoft Visual Studio පමනක්ම නොව Microsoft Visual C# ද භාවිතා කල හැක.

ප්‍රථමයෙන් Visual Studio ආරම්භ කර Start Window එකෙහි Create new Project යන්න click කරන්න


දැන් ලැබෙන menu  එකේ තියන visual C# -> Windows -> Windows form Application තෝරාගෙන ඔබට Project එක save කිරිමට අවශ්‍ය folder එක තෝරා(Browse Button) Create button එක click කරන්න

දැන් ඔබට Form1 යනුවෙන් Window එකක් වෙලා තිබෙනු පෙනෙයි. ඔබට අවශ්‍ය කරන වම් පැත්තේ ඇති Control pallet එකෙන් තෝරා භාවිතා කරන්න පුලුවන්.

මම මුලින්ම නම ලබා දී එබූ විට ඊට පහලින් "සුභ දවසක් " සහ ලබාදුන් නම ලැබෙන සරල program එකක් හදන්නම්.

මේ සඳහා මට නම ලබාදීමට textBox  එකක්, Buton එකක් සහ අවසාන ප්‍රථිපලය ලබාගැනීමට Label එකක් අවශ්‍ය වෙනවා.
 

දැන් button උඩ double click කර ලැබෙන code එකට යන්න. එතන මෙලෙස Type කරන්න.

label1.Text= "සුභ දවසක් " + TextBox1.Text ;

 මෙහි අපි දාපු වල කිසිම එකක් වෙනස් නොකල නිස ලෙස හා අනිත් එම නමිනුත් පවතිනවා.
දැන් Start යන්න කර ඔබේ මුල්ම Windows Form එක බලාගන්න.
Related Posts Plugin for WordPress, Blogger...